ආයතනගත වූ සභාවක ඒකාග්රතාවයක් පැවතිය හැකිද ?
ලෝකප්‍රකට බැංකු සහ
ආයෝජන මූල්‍ය ආයතනයක
ප්‍රධාන විධායක නිලධාරියකු
ව්සින් එක්තරා රූපවාහිනී සාකච්ඡාවකදී මෙසේ එළිදරව් විය.
මෙතුමා තම ආයතනයට නායකයින්
තෝරා ගැනීමේදී
සියලුම
අයැදුම් කරුවන් පළමුව එක්තරා බොදුන්හලක උදෑසන ආහාර ගැනීම සඳහා
කැඳවයි. වේලාසනින්ම එහි කලින්ම යන මෙතුමා, බොදුන්හලෙහි සූදානම්
කරන ආහරවල යම් අඩුපාඩු ඇතිව සකස්කරන්නට සලස්වා, එම අයදුම්කරුවන් ඒ අඩුපාඩු ඇති ආහාර
ගැන දක්වන ප්‍රතික්‍රියාවන් සහ හැසිරීම නිරික්ෂණය කරයි.. ඔහුගේම වදනින් පවසන්නේ නම්, "මම ඔවුන්ගේ හදවත්
අභ්‍යන්තරය නිරීක්ෂණය කරමි". මෙහිදී ඔහු තමන් තෝරාගන්නා
නායකයාගේ චරිත ලක්ෂණ හදුනාගෙන
ඉතාම සුදුසු තැනැත්තාව තෝරා ගනියි.
වත්මන් කිතුණු සභාව දේවධර්මය, එඬේර
සේවය, සභා පරිපාලනය ආදිය
පිළිඹඳ දැනුම තේරුම ඇති අයගෙන් හිඟ
නැත. කෙසේවෙතත්, ආයතනීකරණය වූ සභාව තුල
පූජක පන්තිය නියම ආත්මික නායකයින්
වන්නේද යන්න බලගතු ගැටලුවක්
වී ඇත. සභාව තම
නායකයින්ගේ "හදවතේ අභ්‍යන්තරය" පිළිඹඳව
සහතිකව සිටීද යන්න සැක සහිතය.
"පෞද්ගලික අවංක කමේ මද
බව පොදු අවමානයට හේතුවක්
වී ඇත". සැකය අබිභවා ගිය
අවංක භාවයෙන් යුත් නායකයින් උදෙසා
සභාව සාපිපාසිතව සිටී. මූල්‍ය අක්‍රමිකතා, ලිංගික අපචාර, බලය අනිසි ලෙස
යෙදවීම, තරාතිරම් සැළකීම ආදී චෝදනා ප්‍රසිද්ධ දේශකයින්, සභා නායකයින් සහ
සභා ගොඩනගන්නන් වෙත එල්ල වී
ඇත.
ලතින් සහ හෙබ්රෙව් බසින් Integrity අරුත.
මේ අනුව එම
වදන, ඒකාග්‍රතාව, අවංකකම, ශබ්දය, පූර්ණත්වය, පිරිපුන් බව, මුලුමහත් බව
යන අරුත් බිහිකරයි.
හෙබ්‍රෙව් බසින්
මෙම වදන, සම්පුර්ණ, ශබ්දය,
නොකැලැල්, නිශ්චිත, ඵලදායි, විශ්වසනීයභාවය යන අරුත් ගෙන
දේ.
මින් අදහස් වන්නේ
ඒකාග්‍රතාවය / අවංකකම පුද්ගලයෙකු ගේ චරිතය සහ
හදවත හා බැඳී පවතින
බවය. එය අවිචාරවත් නොවූ,
අවංක, ගෞරවනීය වූ පුද්ගලයෙකු සතු
ගුණාංගයකි. එය නිරතුරුවම පුද්ගලයා
තුල ස්ථිරව පැවතිය යුතු අතර අවස්ථාවන්ට
අනුව වෙනස් නොවිය යුතුය.
වත්මන් කිතුණු නායකයින් දේවධර්මය සහ බයිබලය පිළිඹඳව මනා අවබෝධයෙන් යුක්තය. එහෙත් ගැටලුව වන්නේ ඔවුන් බොහෝ විට සදාචාරාත්මක සම්මුතීන් පටලවා ගැනීමයි. මේ පිළිඹඳව මා නිදසුන් කීපයක් ඔබ සමග බෙදා ගැනීමට කැමතියි.
සභාවේ විනය පවත්වා ගැනීමේ සහ පුණරුතාපනයේ අධිවේගී භාවය.
අපේ පාසැල් අවධියේ තම දෙමාපිය අත්සන් හෝ ගුරුවරුන් ගේ අත්සන් වංචනික ලෙස යෙදීම නිසා පාසැලින් අස්කරනු ලැබූ සිසුන් මා දැක ඇත. එය බරපතළ වරදකි. මෙම වරද සභාව තුල සිදු වුයේ නම්? එවැන්නක් සභාව තුල සිදුවිය හැකිදැයි ඇතැම්විට ඔබ අසනු ඇත. "ඔව්", යනුවෙන් මම පිළිතුරු දෙමි. මා සභාවේ මහාණායක රදගුරු වශයෙන් සේවය කරන අවධියේ එසේ සිදුවිය. මාගේ සේවා කාලය තුල මා ලැබූ අනෙකුත් සියලුම ගල් පහර වලට වඩා මා හට වේදනාකාරී වූයේ මාගේ අත්සන තවත් අයෙකු වංචනික ලෙස යෙදීමය. ඇතැම් අය ඔහුව පූජකත්වයෙන් අත්හිටුවන්න උත්සුක වූ අතර ඉතා සුලු පිරිසක් නැවත ඔහුව ඉතා ඉක්මනින්ම පූජකත්වයට පමුණුවාලීමට අනුබල දුනි.
ආයතනීකරණය වූ සභාව පසුතැවිල්ල
සහ අලුත් වීම යන ගැඹුරු
ශුද්ධ ලියැවිලි සංකල්පවල නියම අරුත ක්‍රියාත්මක කිරීම සමග ගැටෙනු ඇත.
බරපතළ වැරදි ක්‍රියාවන්හි යෙදුනු
ඇතැම් පූජකයින් යම් කාලයක් තුල
දේව වාක්‍ය අනුව
පසුතැවිල්ලට පැමිණ අලුත්වීමක් ඇතිකරගනු ඇත. එහෙත් ඇතැම්
පූජකයින් පසුතැවිලිවී, අලුත් වී නැවත නැවතත්
එම වරදෙහිම යෙදීමේ දුෂ්ඨ චක්‍රයට හසුවී
ඇත. ආයතනගත සභාවන් තුල පසුතැවිල්ල සහ
අලුත් වීම සඳහා කාලයක්
දීමේ ගැටලු මතුවේ. සභා ඒකාග්‍රතාවය
තුල දයාවන්ත වීමේ අවකාශය වරද
කරුවාගෙන් අයුතු ලෙස පැහැරගෙන තිබේ.
වින්දිතයාට සාධාරණය සෙවීමට ඇතැම්විට සභාවේ නිර්භීතභාවය ප්රමාණවත් නොවේ.
ලිංගික අපහරණයට ලක්වූවන්, මානව හිමිකම් අහිමි
වූවන්, තරාතිරම් මත සමාන හිමිකම්
අහිමි වුවන්, ආදී අය සඳහා
යුක්තිය ඉටුකරදීමට සම්මුතීන්, සම්ප්‍රදායන් සහ විනය නීති
මාලාවන් බොහොමයක් සභාවන් සතුව ඇත. මුද්‍රිත ලේඛනගතව සභා
කාර්‍යාල රාක්කවල තැන්පත්ව
ඇති මේවා පූජකයෙකුට එරෙහිව
යම් චෝදනාවක් මතුවූ විට පරිශීලනය නොවීම
දක්නට ඇත.
විනයානුකූල ක්‍රියාවලියක් අනුව
යම් පූජකයෙකුගේ පූජකත්ව කොලරය ඉවත් කිරීමට ඇති
අසීරුව ගැන කථා කළ
එක් සභා මූලිකයෙකුට මම
සවන් දෙමින් සිටියෙමි. එඬේර කැඳවීම අතරතුර
කාන්තාවකට පහත් ලෙස අතවරයකට ලක්
කිරීම ඔහුට තිබූ චෝදනාව විය.
සභා මූලිකයා තවදුරටත් පැවසුවේ එම චූදිතයා පසුදින මියගියේ නම්, ඔහුගේ
මෘතදේහයට පූජක කොලරය පැළඳවීමට නොහැකි වීම මහත් ගැටලුවක් බවය. එවකට "පැවැති බලධාරිත්වය", ඔවුන්ගේ "දැඩ් මානසිකත්වය" අනුව වින්දිතයා
හට යුක්තිය ඉටු නොවන තීරනයක්
ගන්නා ලදි. වින්දිත
කාන්තාව වාර්ෂිකව සභා මූලස්ථානයට තම
උපදේශකවරිය සමග පැමිණ,
"මා හට සාධාරණය කොහිද
?" යනුවෙන් ප්‍රශ්න කර
සිටී. එහෙත් එම ආයාචනයන් සභාව
නැමැති "නිදා සිටි යෝධයාව"
අවදි කිරීමට අසමත්විය. වින්දිතයාගේ සිත් තැවුලට සහනයක්
සභාව පාර්ශ්වයෙන් ඉටු වූයේ නැත.
සභාවේ ඒකාග්‍රතාවය පලුදු කරන තවත් එක් සාධකයක් නම්, එහි පවතින අවභාවිතයන් මතුකර දැක්වීමට පූජකවරුන් සහ මූලිකයින් බියසුලු වීමය. ඔවුන්ගේ දෙනෙතින්ම වැරදි දේ දකිතත්, ඉහලින් සිටින අයගේ ප්‍රතික්‍රියාවන්ට දක්වන බිය නිසා ඔවුහු නිහඬව සිටිති. වැරදි දේ ගැන සාක්ෂි දීමට ඔව්හු මැළි වෙති. ඔවුන් විශෙශ්ෂයෙන් බිය වීමට හේතු :
* සෙනග අතර කොන්වේවිය
යන බිය.
* තමන්ටද මඩ පහර වැදේය
යන බිය.
* තම ජනප්‍රියත්වය
නැතිවේය යන බිය.
* සභා නායකත්වය පිළිඹඳව
තම ඉදිරි අපේක්ෂාවන් බිඳවැටේය යන බිය.
මෙවැනි බිය සභාවේ ඒකාග්‍රතාවය නිසැකවම බිඳදමනු ඇත. වැරදි දේ
වග විභාගයකින් තොරවම පවතිනු ඇත. ඉන් පසුව
ඒවා නිර්නායකයන් බවට පත්වනු ඇත.
එක්තරා මුල්‍ය වංචාවක්
පිළිඹඳව පරීක්ෂණ කිරීමේදී මාහට දැනගත හැකි
වූයේ දේවස්ථාන වෙස්ට්‍රි කාමරයේ මේසය
මත පූජා මුදල් ගණන්
කිරීමේදී වංචාවක් සිදුවන බවයි. ඇතැමුන් විසින් මේ බව පූජක
තුමන්ටත් වෙනත් මූලිකයින්ටත් දන්වා සිටියද, කිසිවෙකුත් ඒ ගැන තැකීමක්
නොකළේ අදාළ පුද්ගලයා සභාවේ
ඉහල තනතුරු දරන අය සමග
සෘජු සඹතතා ඇති අයෙකු වූ
බැවිනි.
ඇතැම් සභා සාමාජිකයන් සභාවේ
කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කිරීමට පසුබට
වීම පුදුමයක් නොවේ.
පාපයට එරෙහිව ඉගෙනීමටත්, පසුතැවිල්ලට කැඳවීමටත් පූජකවරුන් හට දිව්‍යමය වගකීමක් තිබේ. එහෙත් ස්වයං විනය සහ පසුතැවිල්ල පිළිඹඳව ඔවුන් පසුබට වී ඇත. මාගේ අත්දැකීම අනුව පසුතැවිල්ලට වඩාත්ම පසුබට වන පුද්ගලයින් ඇත්තේ දේවස්ථානයේ බංකු මත නොව, දේශන වේදිකාව මතය. ශුද්ධවන්ත අහංකාරයකින් හෙබි එවැනි පූජකයින් තම ජීවිතවල පිරී ඇති පාපයට අන්ධව සිටිති. අන්‍යයන්ගේ වරද සැනෙකින් දකින ඔවුහු තම වරද නොදකිති. මාගේ කණගාටුවට හේතුව වනුයේ, එමගින් මූලිකයන්ගේ හදවත් පවිත්‍ර කිරීමේ සභා ක්‍රියාවලිය යක්ෂයා විසින් කඩා බිඳ දැමීමයි. "නැවත ඉපදීම" යනු, දෙවියන්වහන්සේ විසින් "කැඳවනු ලැබීම" සහ ඒ අනුව "මම පැමිණ සිටිමි" යන්නයි. එය දෙවියන්වහන්සේගේ පිරිසිදු කිරීමේ දිගු ක්‍රියාවලියක ආරම්භය පමණක් බව ඔවුහු ප්‍රමාණවත් ලෙස වටහා නොගනිති. නිරන්තර අලුත් වීම සඳහා ශුද්ධාත්මයාණන් වහන්සේ සමග නොකඩවාම ගමන් කිරීමෙන් දෙවඳුන් අපේක්ෂා කරන තත්වයට තමන් පත්විය යුතු බව ඔවුන් අවබෝධ කරගත යුතුය. දේව සේවයට කැඳවනු ලැබූ පුද්ගලයින් තමන් අධි-ආත්මික ස්වභාවයකින් යුක්ත සේ නොසිතිය යුතුය. ඔවුන් ආත්මිකව වර්ධනය වීමට දිරිමත් කළ යුතුය, පුහුණු කළ යුතුය. ශු. පාවුල් තුමන් මෙසේ අවවාද කරයි. "සුදුසු කලට පෙර දැඩිලෙස අධිකාරී බලය දීම, පුද්ගලයා තුල අධි-මානය ඇති කරයි". ඇදහිලිවන්තයෙකු නිසි පරිණතභාවයට පෙර නායකත්වයෙහි පිහිටුවන්නේ නම්, ඔහු අහංකාර වී පාපයට වැටීමට ඉඩ තිබේ. කිතුණු, පූජකවරුන් අති උත්තම පාරිශුද්ධ අය නොවේ. කිතු බැතියන් ලෙස තමනට පාපයට එරෙහිව නොකඩවා ගෙන යන සටනක් ඇතිබව ඔවුන් වටහාගත යුතුය. යේසු තුමන් කිසිවිටෙකත් පව් නොකළේ වී නමුත් දේව රාජ්‍යය උදෙසා ක්‍රියා කිරීමේදී බොහෝ සේ පීඩනයටත්, පරීක්ෂාවටන්ත් පත් විය. අපගේ ස්වාමීන් වහන්සේටද එසේ වූයේ නම්, "නෑ, මා හට එසේ නොවේ" යයි අපි කෙසේ කියමුද ? පරිණත සේවකයෙකු වූ ශු. පාවුල් තුමන් රෝමවරුන්ට ලියමින් මෙසේ පවසා ඇත. "කිතුණු සේවකයින් තමන්ගේම දුර්වලතා ගැන වඩාත් අවබෝධයෙන් යුක්ත විය යුතුය, එසේ නොවේ නම් ඔවුන් වඩාත් අධි-මානී වනු ඇත". (රෝම : 7: 18 - 20). සභාව තම ඒකාග්‍රතාවය තබාගැනීමට නම් එය නායකත්වය සඳහා සොයාගත යුත්තේ ආත්මික යෝධයන් නොව, නිරන්තරයෙන් අලුත් වීමට සූදානම් පුද්ගලයින් ය. එවැන්නන් අවසානයේදී ක්‍රිස්තු සමාන වනු ඇත. සභාව මෙය මූලික අවශ්‍යයතාවක් ලෙස නොසලකන්නේ නම්, පූජකවරුන් මෙන්ම සමස්ථ සභාව අසමත් වීමේ අවදානමට මුහුණ දෙනු ඇත.
ආයතනගත සභාව තුල ඒකාග්රතාවය වැඩි දියුණු කිරීමේ ආදර්ශ මොඩලයන් දුබලය
ශු. පාවුල් පවසන සේ, "මා ක්‍රිස්තුස් වහන්සේ ආදර්ශයට ගන්නා සේ ඔබද මා ආදර්ශයට ගන්න", යයි කිව හැකි පුරුෂයින් සහ ස්ත්‍රීන් බිහිකිරීම සභාව මුහුණ දෙන වත්මන් දැඩි අවශ්‍යයතාවකි. දේවධර්ම ශාත්‍රාලයෙහි ආදර්ශ මොඩලයන් හී ඇති විරල බව මාගේ අත්දැකීමයි.
එක්තරා දේවධර්ම ශාත්‍රාලයක ආචාර්ය උපාධිය (Phd.) සඳහා පූර්ණ දීප්තිමත් ශිෂ්‍යත්ව පිරිණැමීම සඳහා අයැදුම් පත් කැඳවනු ලැබීය. එම සම්මුඛ පරීක්ෂණයේදී ඔවුනගෙන් එක් බැඳීමකට යටත් වන මෙන් ඉල්ලා සිටිනු ලැබීය. එනම් උපාධිය ලැබීමෙන් පසුව දෙව් දහම් විදුහලේ වසර දහයක් ඉගැන්වීමේ කටයුතුවල නිරතවන ලෙසය. මෙම ඉල්ලීමත් සමගම වැඩි සංඛ්‍යාවක් අයැදුම් කරුවන් ඉවත් විය. තම අභිප්‍රාය කුමක් වීද? තම නම අගට
Phd. උපාධි නාමය ලියවාගෙන, සභා නායකත්ව හිණි මගේ ඉහලට යාමේ අරමුණට දස වවසරක් ඉගැන්වීම බාධාවක් වීම හේතුව විය. ඔවුන් දෙව් දහම් සිප් හලෙහි අවුරුදු දහයක් ඉගැන්වීමෙහි නිරත වෙමින් තරුණයින් පූජකත්වයට සූදානම් කිරීම උදෙසා තම කාලය කැප කිරිමට සූදානම් වුයේ නැත. දෙව් දම් සිප් හලෙහි සේවය කළ ඇතැමුන් හදිසියේම තම තනතුරුවලින් ඉවත් වූයේ තමනට එම ආයතනයේ උසස්ම නිලය නොලැබුණ බැවිනි. මෙවැනි අයගේ මගපෙන්වීම මතඅපට
අපේක්ෂා කළ හැක්කේ සාවද්‍ය මොඩලයන් නොවේද?
නියම ආදර්ශමත් භූමිකා මොඩලයන් හිඟ කමින් දෙව් දම් සිප් හල් පීඩා විඳිනු ඇත. සිසුනට විභාග වංචාවන්ට ඉඩ සැළසීම, අයුතු අනුග්‍රහය දැක්වීම, උත්තර පත්‍ර ලකුණු කිරීමේ අක්‍රමිකතා, ලකුණු දීමේ සැලැස්ම අධිකාරීන් අතට පත්වීම ආදිය ඇතැම් කණගාටුදායක සිදුවීම් වේ. මෙවැනි දේ දෙව් දහම් සිප් හල තුල පමණක් නොව ප්‍රාදේශීය සභාවන් තුලද සිදු වේ. මෙය ආයතනගත වූ සභාව තුල ආක්‍රමණශීලී සාමාන්‍ය පිළිවෙතක් වී තිබුණි. එසේ සිදු වූයේ නියම කැපවීමේ ආදර්ශ මොඩලයන් නොමැති බැවිනි.
ඡන්දය විමසීමෙන් ඇතැම් පත්වීම් කෙරෙන අවස්ථාවන්හිදී සභාව වඩාත්ම සාවද්‍ය ආදර්ශයන් සපයා ඇත. ඡන්ද ඉල්ලමින් පුද්ගලයන් පසුපස යාම, අශෝභන ප්‍රචාර, අනිසි පොරොන්දු, සත්වසර නිවාඩුව ප්‍රචාරණයට යෙදැවීම ආදිය "බලය ලබා ගැනීමට" උපයෝගි වේ.
එක්තරා මහ මැතිවරණයකදී නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ඉල්ලා නිකාය එකමුතුවක් රජයෙන් කළ ඉල්ලීමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ එක් ආගමික නායකයෙකු ගැන මම දනිමි. හේතුව, ඔහු නායකත්වය දුන් සභාව තුල මෑතකදී පැවැත්වුනු චන්ද
විමසීමකදී තිබුනු අපවිත්‍රතාවය පිළිඹඳව ඔහුගේම හෘද සාක්ෂිය දොස් නැගීම නිසාවෙනි.
මා සභා නායකත්වය හොබවන අවධියේ මා ඉතාමත් අපහසු තාවයට පත්වූ එක් අවස්ථාවක් වුයේ සේවා අවශ්‍යයතාවන් අනුව පූජක වරුන් සේවාස්ථාන මාරු කිරීමය. ඇතැම් පූජකයින් අධි-ඉල්ලුමකින් යුක්ත වූ අතර ඇතැමුන් ප්‍රතික්ෂේප කරනු ලැබීමක් දක්නට ලැබිණ. මෙය දේවසේවකයින්ටත්,
පවුල් වල අයටත් මහත් කණගාටුදායක කරුණක් විය. තරමක් දුරට මෙහි වරද සභාව සතු වේ. ඒ, දේව සේවයට ඇතුල්කර ගැනීමේදී නිසි ලෙස "හදවත ඇතුලත" විමසා නොතිබීමය.
මා නායකත්වය දැරූ මෙතෝදිස්ත සභාවේ යම් පූජකයෙකු ආලේප කිරීමට පෙර පරීක්ෂණය යටතේ වසර හතක් ගත කෙරේ. එසේ වුවත් නියම ආදර්ශවත් මොඩලයන් නොවන අය ඇතුලු වී ඇති බව පෙනේ. තම දේව කැඳවීම ගැන සාක්ෂි දැරීමට මෙතෝදිස්ත පූජකත්ව අපෙක්ෂකයකු හට තම පුහුණු කාලය තුල අවස්ථාවන් අටක් ලැබේ. එසේව තිබියදීත් කල් ගතවත්ම, තම කැඳවීමේ ගැඹුරු හැඟීම තුනීවී යන බව දක්නට ඇත. ඇතැම්හු තවත් පූජකයෙකු විසින් දේවසේවයට තල්ලු කරනු ලැබූ අය වෙති. එවැනි ජේශ්ඨ පූජකවරුන් තමන් මෙපමණ සංඛ්‍යාවක් පූජකත්වයට යොමු කර ඇති බව කියමින් උදන් ඇනීමට උත්සුක වේ. අත්දැකීම් බහුල මාගේ සගයෙකු වරෙක මා හට පැවසුවේ, "දේවසේවයට යමෙකු ඇතුල් කරගැනීමේදී හොඳ දොරටුපාලයෙකු වන්න", යනුවෙනි. ශු. පාවුල් තුමන් තිමෝතියස්ට මෙසේ පැවසුවේ එබැවිනි. "ඔබ ගැනත් ඔබගේ ඉගැන්වීම් ගැනත් සැළකිලිමත් වන්න. මේ දේවල නිරතව සිටින්න. එසේ කිරීමෙන් ඔබද, ඔබට සවන් දෙන්නන්ද, ඔබ ගළවාගන්නෙහිය
අපගේම ඒකාග්‍රතාවයේ ඛාදනය වීම් අප නොසලකා හැරියහොත් අභ්‍යන්තර පිපිරීම් ඇති වී සභාව කැබලිවී විනාශ වී යනු ඇත. එරික් ජිගර් තුමන් මෙය ගොඩනැගිල්ලක් කඩාබිඳ දැමිය හැකි ක්‍රම දෙකක නිදසුනක් ඇසුරින් පැහැදිලි කරයි. පළමුවැන්න ගොඩනැගිල්ලට පිටතින් සිට එයට පහර දීමෙනි. එය එසේ වන විට බාහිර සැමටම එය දිස් වේ. එවිට විනාශ වීම කිසිවෙකුටත් පුදුමයට කරුණක් නොවේ. දෙවැන්න නම් උපාය මාර්ගිකව ගොඩනැගිල්ලක් අභ්‍යන්තරයේ පුපුරන ද්‍රව්‍ය යෙදීමෙන් එහි සකැස්ම දුර්වල කිරීමෙන් බිඳ දැමීමය. මෙම විනාශය අවටින් බළා සිටින්නන්ට එක් වරම දිස්වන්නේ නැත. එය ක්‍රම ක්‍රමයෙන් සිදුවන බිඳ වැටීමකි. බොහෝ විට පිටතින් පැමිණෙන බලවේග මහින් සභාව විනාශ වන විට අපි චෝදනා කරමින් ක්‍රියාත්මක වෙමු. එහෙත් අභ්‍යන්තර පිපිරීම් මගින් සභාවේ ඒකාග්‍රතාවය විනාශ වේ.
ශු. පාවුල් තුමන් තරුණ මූලිකයෙකු වූ තිමෝතියස්ට ලියමින් සභාවේ ආත්මික වැඩිහිටියන් සතුව තිබිය යුතු ගුණාංග විස්තර කර ඇත. ඉන් කීපයක් මෙසේය. (1 තිමෝති, 3: 1 - 7)
* යහපත් කීර්තියක් ඇතිව සිටීම.
* ආත්ම දමනය සහ සාධාරණය ගැන පිළිගැනීමක් ඇතිව සිටීම.
* ආත්මික සත්‍යයන් ඉගැන්වීමේ හැකියාව ඇතිව සිටීම.
* බේබදු කමෙහි ලොල් නොවූවෙකු වීම.
* කලහකාරී නොවීම.
* කෑදර කමින් යුක්ත නොවීම.
* තම බිරිඳට විශ්වාසවන්ත කෙනෙකු වීම.
* තම දරුවන් කෙරෙහි පාලනයක් ඇති කෙනෙකු වීම.
මෙම කරුණු දෙස බලමින් ආයතනයගත සභාව තුල මෙම අවශ්‍යයතා සපුරනවාද යන්න අවංකවම සොයාබැලීම වටී. මා මෙම ලිපිය ලියන්නේ මා නියම ආදර්ශමත් මොඩලයක් ලෙස පැවසීමට නොවේ. ස්වයං-ශුද්ධවන්ත භාවයක් ලැබීමට නොව, මා තවමත් මාවම පරීක්ෂා කරගනිමින් සිටින බව ප්‍රකාශ කරමි. ශු. පාවුල් තුමන් ගේ මෙම ප්‍රකාශය සමග මම එකඟ වෙමි. "මම භයානකම පවුකරුවා ව සිටිමි".
අවසාන වශයෙන්, මාව ප්‍රබෝධමත් කරවනු ලැබූ මෙම වදන් ඔබ ඉදිරියේ තබමි.
"අපගේ ජීවිතය කෙළවර වන විට, අප යටතට පත්කර තිබූ අයට උරුමකර දිය හැකි අගනාතම දෙය නම් මෙම සාක්ෂියයි: අපි අවංකවූ ජීවිතයක් ගතකර ඇත්තෙමු. දේව භය ඇතිව ජීවත් වී ඇත්තෙමු. ශුද්ධෝත්තම බලයේ පිහිටෙන් පාපයට පිටුපා ඇත්තෙමු".
ආසිරි පී. පෙරේරා පියතුමා
01 ජූලි,
2021.
Comments
Post a Comment