ආයතනගත වූ සභාවක ඒකාග් රතාවයක් පැවතිය හැකිද ? ලෝකප්‍රකට බැංකු සහ ආයෝජන මූල්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියකු ව්සින් එක්තරා රූපවාහිනී සාකච්ඡාවකදී මෙසේ එළිදරව් විය. මෙතුමා තම ආයතනයට නායකයින් තෝරා ගැනීමේදී සියලුම අයැදුම් කරුවන් පළමුව එක්තරා බොදුන්හලක උදෑසන ආහාර ගැනීම සඳහා කැඳවයි. වේලාසනින්ම එහි කලින්ම යන මෙතුමා, බොදුන්හලෙහි සූදානම් කරන ආහරවල යම් අඩුපාඩු ඇතිව සකස්කරන්නට සලස්වා, එම අයදුම්කරුවන් ඒ අඩුපාඩු ඇති ආහාර ගැන දක්වන ප්‍රතික්‍රියාවන් සහ හැසිරීම නිරික්ෂණය කරයි.. ඔහුගේම වදනින් පවසන්නේ නම්, "මම ඔවුන්ගේ හදවත් අභ්‍යන්තරය නිරීක්ෂණය කරමි" . මෙහිදී ඔහු තමන් තෝරාගන්නා නායකයාගේ චරිත ලක්ෂණ හදුනාගෙන ඉතාම සුදුසු තැනැත්තාව තෝරා ගනියි. වත්මන් කිතුණු සභාව දේවධර්මය, එඬේර සේවය, සභා පරිපාලනය ආදිය පිළිඹඳ දැනුම තේරුම ඇති අයගෙන් හිඟ නැත. කෙසේවෙතත්, ආයතනීකරණය වූ සභාව තුල පූජක පන්තිය නියම ආත්මික නායකයින් වන්නේද යන්න බලගතු ගැටලුවක් වී ඇත. සභාව තම නායකයින්ගේ "හදවතේ අභ්‍යන්තරය" පිළිඹඳව සහතිකව සිට...
Posts
Showing posts from July, 2021