අන්‍ය ආගමිකයන් හා මුසු වූ කිතුණු ජනජීවිතය.

 

අන් ආගමිකයන් හා මුසු වූ කිතුණු ජනජීවිතය.

අන්තර්-ආගමික ක්රියාකාරකම්හි බෙහෙවින් යෙදෙන මම හා ඈඳුණු සේයා රූ නිතර මුහුණු පොතෙහි පළකරමි. මාගේ ඉතා සමීප මිතුරෙකු වරෙක මෙලෙස ප්රතික්රියා දැක්වීය. "කරුණාකර සමාන සම්මුතීන්ට එළඹෙන්න එපා".

        මෙය කිතුණුවන් තුල ඇති අවංක බියක් වේ. දේවස්ථාන බංකුවේ සිටින විට අපට ඇසෙන ඇතැම් දේ, "මේ ක්රිස්තුස් වහන්සේගේ ශුභාරංචියද, නැත්නම් වෙනත් ධර්මයක්ද" යයි සිතේ. අන්තර්-සාමයික සබඳතාවන් ගැන මා උගත් දේ සහ මා ලබා ඇති අත්දැකීම් මෙසේ බෙදා ගැනීමට දැඩිලෙස පෙළඹවී සිටිමි.

             මෙහිදී, මා හැදුණු වැඩුණු ආකාරය විමසා බැලීම වැදගත් වේ. මම කිතුණු මෙතෝදිස්ත පවුල් පසුබිමක හැදුනෙමි, වැඩුනෙමි. එහි සැවොම ක්රිස්තුස් වහන්සේ තම පෞද්ගලික ගැලවුම් කරු ලෙස දැඩිලෙස පිළිගෙන එසේ ප්රකාශ කළ අය වූහ. මාගේ ජීවිතයේත්, දේව සේවයේත් අත්තිවාරම වූයේ වචනයෙන් , ක්රියාවෙන්ද අන්යයන් සමග බෙදාගත් ක්රිස්තුස් වහන්සේගේ ප්රේමය . මා අවුරුදු 8 දරුවකුව සිටියදී මෙතෝදිස්ත දේවගැතිව්රරයෙකු වූ මාගේ පියා සමග අප  සිටියේ ගාල්ලේ රිච්මන්ඩ් කන්ද දේවගැති නිවසේ . යුගයේදී මගේ පියා අවට පන්සල් විහාරවල වැඩසිටි හිමිවරුන් සමග ඉතා සමීප මිත්රශීලී සබඳතාවන්  පවත්වා ගෙන ගිය බව මට හොඳට මතකය. පන්සල් විහාර හරහා මාගේ පියා කළ ඇතැම් සංචාරවලදී මමද ඔහු සමග ගියෙමි. එය මා සිත් පිනවූ අත්දැකීමක් විය. එක්තරා නත්තල් නාට්යයක් මාගේ පියා නිර්මානය කළේ විවිධ සංස්කෘතික අංග මිශ් කරමිනි. සඳහා ස්වදේශීය සංගීත ආචාරය වරයෙකු හඳුන්වා දෙමින් සහය වූයේ විහාරාධිපති හිමි තුමන් . ඇතැම් අවස්ථාවල විහාරාධිපති හිමි වරුන් රිච්මන්ඩ් කන්ද දේවගැති නිවසට වැඩම කිරීම මා සතුටු කළ දෙයක් විය

         ශ්රී ලංකාවේ මෙතෝදිස්ත සභා ඉතිහාසය කියවන විට අපගේ ආදී මිෂණාරි වරුන්, වීෂේශයෙන් ගාලු පුරයේ, බෞද්ධ පන්සල් වෙහෙර විහාර සමග සමීප සහ අර්ථවත් සබඳතාවන් පවත්වා ඇති බව තහවුරු වේ. එතුමන් සිංහල භාෂාව ඉගෙනීමට බෞද්ධ භික්ෂුන් ගේ සහය ලබා ගෙන ඇත. එමෙන්ම ඇතැම් භික්ෂුන් කිතු දහම වැළඳ ගැනීම පසු කාලීන බෞද්ධයන් ගේ කෝපයට හේතු වූ අවස්ථාවන් ගැනද අසන්නට ලැබේ

           මා පිළිමතලාවේ දෙව් දහම් විදුහලේ ඉගෙනුම ලබන අවධියේ බුලුමුල්ල විහාරාධිපති හිමි යටතේ බෞද්ධ දර්ශනය ඉගෙනීමට මා හට අවස්ථාව ලැබුණි. බුදු දහමේ සූක්ෂම තාර්කික චින්තනය අවබෝධ කර  ගැනීමේ අවස්ථාව ලැබිණ. එහි ඇති අපටද එකඟ විය හැකි පොදු ධර්මතාවන් තුලින් ජනසමාජයේ යහපත උදෙසා එක්සත්ව ක්රියා කළ හැකි බව පැහැදිලි . වර්තමානයේ මාගේ ඇදහිල්ලේ ශක්තිමත්ව සිටිමින්ම, මවිසින් ගොඩනගනු ලබන අන්තර්-සාමයික සබඳතාවන් සඳහා එම ඉගෙනුම් සහ අත්දැකීම් බෙහෙවින් උපකාරී වී ඇත.


පළමුව තම ඇදහිල්ලේ ස්ථිර  සිටිය යුතුය

යමෙකු අන්තර් ආගමික සබඳතාවන් වැඩි දියුණු කර ගැනීමට උත්සාහ කරන්නේ නම්, පළමුව තම ඇදහිල්ලේ ස්ථිර සිටිය යුතුය. අන් ආගමික ලබ්ධිය පිළිඹඳව ඉගෙනීමට අවංක ආශාවෙන් යොමු විය හැක්කේ එවිටය. එවැන්නෙකුට තම ඇදහිල්ලේ සහ අනෙකුත් ධර්මයක් අතර පවතින ගැටෙන සාධක හමුවන්නේ එවිටය. ඔබ මුණගැසෙන පුද්ගලයා සමග එකට හිඳ ඔබට නොවැටහෙන ස්ථාන ගැන විමසීම මෙන්ම තම ඇදහිල්ල සමග එකඟ නොවන ආකාරය ඔහුට පෙන්වාදීමට එවිට ඔබට හැකිවේ. මෙම දෙබස සිදු විය යුත්තේ කවුද හරි, කවුද වැරදි යන්න ඉස්මතු කර ගැනීමේ විවාදයක ස්වරුපයෙන් නොවේ. ආගමික පිළිගැනීම්වල ඇති වෙනස්කම් නිසා මිනිසුන් බෙදෙනවාට මම කැමති නොවෙමි

         එවැනි අවස්ථාවන් මතුවන විට අනිත් පුද්ගලයා මැනැවින් වටහාගෙන සෘණාත්මක හැසිරීමක් වළක්වා ගැනීමට ඔබ සමත් විය යුතුය

නිදසුනක් ලෙස:

 පෙර කිතුණු පාසැලක්ව තිබූ එක්තරා පාසැලක බෞද්ධ ආගමික උත්සවයකට මම සහභාගි වූයෙමි. එහිදී මා කලින් හඳුනාගෙන නොසිටි බෞද්ධ හිමිනමක් මල් වට්ටියක් රැගෙන මා වෙත පැමිණ එය එදින නිරාවරණය වූ බුදු පිළිමය අභියස මල් ආසනය මත පූජා කිරීමට ඇරයුම් කළේය. මම එය අතට නොගෙන, නැගිට, හිමිනම සමග මල් ආසනය වෙත ගොස් හිමිනම ලවා මල්වට්ටිය පූජා කරවීය. එකිනෙකා වරද පටවා ගත්තේ නැත. එතැන් පටන් අප දෙදෙනා හිතාදර මිතුරන් වී ඇත. දැන් මා එතුමාගේ පන්සලට ගිය විට එතුමන් මට මල්වට්ටියක් දෙන්නේ නැත. , පිළිඹඳව මාගේ ස්ථාවරය එතුමන් දන්නා බැවිනි. මේ සිද්ධිය එම ස්ථානයේ උත්සවයන්ට ඉන් පසුව මට ආරාධනය නොකිරීමට හේතුවක් වූයේ නැත


 

ඔබගේ ඇදහිල්ල අන් ඇදහිලි සමග සම මිශ් නොකර ප්රේමය පතුරුවන්න.

          අන් ආගමිකයින් සමග ක්රියා කිරීම පිළිඹඳව පරණ ගිවිසුමේ ඉගැන්වීම පැහැදිලි . "ඔවුන් සමග මිශ් නොවන්න", යයි තෝරා ගත් සෙනගට දැඩි ලෙස අවවාද කර ඇත. එසේ වී ඇත්තේ එමගින් අප ඇදහිල්ලේ ඇති සුවිශේෂත්වය සුන්වී යන බැවිනි. මූලික පරමාර්ථය නම් ඔවුන්ගේ ඇදහිල්ලෙන් පිරි ජීවිත මෙසායාගේ පැමිණීමේ ශුභාරංචිය පැතිරවිය යුතු බවයි. තෝරාගත් සෙනග අන්යයන්ගෙන් වෙන්ව සිටිය යුතු නුමුත් ඔවුන් කළ වරද නම් අන් ජාතීන් සමග තම ප්රේමය බෙදා නොගැනීමය. ඔවුන් තමන් තෝරාගත් සෙනග වීම ඉමහත් වරප්රසාදයක් ලෙස සලකමින්ඒ කරනකොටගෙන අන්යයන් පහත් කොට සැළකීය. අන්යයන් දෙවියන්වහන්සේ වෙතට පැමිණීමෙන් වලක්වා ඇත. අපගේ නූතන සභාවන් එසේම දැයි විටෙක මට සිතේ.

 


ආගම් අතර ඇති පොදු ලක්ෂණයන් අගය කිරීමට පුරුදු වෙමු.

         බයිබලීය ඉගැන්වීමට අනුකූල වන ඇතැම් ධර්මතාවන් අන් ආගම්වලද දක්නට ඇත. ඉන් කීපයක් මෙසේ දැක්විය හැක

දයාවන්ත වීමට කැඳවීම.

තමන් වපුළ දේ කපා ගැනීමේ ධර්මතාව.

තමන්ටම කෑදර නොවීමට සහ දුගියන්ට දන් දීමට ඉගැන්වීම

     අන් ආගමිකයින් සමග ජීවත් වීමේදී මෙවැනි පොදු කරුණු වලට මුල් තැන දී කටයුතු කිරීමෙන් අප ඔවුන්ගෙන් වෙන් කිරීම අවම කරනු ඇත


අන් ආගමිකයින්ට යේසුස් වහන්සේ කෙසේ සැලකූ සේක්ද ?

        මේ ගැන යේසුස් වහන්සේ සෘජුවම දේශනා කළ බවක් නොපෙනේ. එහෙත් එතුමන් අන් ජාතිකයින් සමග ජන ජීවිතයේ මුහුණ දුන් සිදුවිම්  ඇසුරින් අපට පාඩම් සහ අභියෝගයන් ප්රකාශ වේ. එතුමන් ගේ තුන් වසරක ඉගැන්වීම් කාලය තුල යුදෙව්වන් විසින් අන් ජාතිකයින් ලෙස සැලකූ ජන කොටස් කීපයක් සමග කටයුතු කර ඇත

බහුදේවවාදී වූ රෝමයින්

බාල් සහ ඇස්තොරෙත් වැනි දෙවියන් ඇදහූ සිරියන් වරු.සහ කානානි වරු

යෙරුසලමේ නොව, ගෙරසීම් කන්දේ නමස්කාර කළ සමාරිතයින්.

         යේසුස් වහන්සේ කිසි දිනෙක අන් ආගමිකයින්ට ශාප කළේ නැත. එහෙත්, එතුමන් ඉතා වෙනස් ආකාරයකට තමන්ගේම යුදෙව් ආගමීක  ඵරිසීන්ව මෙසේ ඇමතූ සේක. "පොළොන් වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද?" (මතෙව් 12:34).

තමන් වෙතට පැමිණි රෝම ශතාධිපතියා තුල පැවති මහත්වූ ඇදහිල්ලත්, නිහතමානී බවත් දුටු යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක. "ඊශ්රායෙල්හීවත් මෙවැනි ඇදහිල්ලක් නොදිටිමි". (ලූක් 7:1-10)

කුෂ්ඨ රෝගීන් දස දෙනෙකු සුවපත් කරනු ලැබීය.එහෙත් පිළිඹඳව කෘතඥතාව දැක්වීම සඳහා ආපසු පැමිණියේ එක් අයෙකු පමණි. "දෙවියන් වහන්සේට ප්රසංශා කිරීමට පැමිණියේ විජාතිකයා පමණි". යේසුස් වහන්සේ සඳහන් කළ කායික සුවය ඉක්මවූ මෙම වදන් ඇසුනේ විජාතිකයාට පමණි. "නැගිට යන්න, ඔබගේ ඇදහිල්ල ඔබ සුව කළේය".


 වත්මන් කිතුණු සභාවට මින් කවරක් ඉගෙන ගත හැකිද ?

     අන් ආගමිකයින් වෙත යොමුවීම අපට එදා පේදුරු තුමන් කළා මෙන් අවංකව ඉටු කළ හැකිද? කොන්දේසි විරහිත ප්රේමයෙන් අන්යයන්ට ප්රේම කළ හැකිද? ඔවුන් ක්රිස්තියානි ඇදහිල්ල ප්රතික්ෂේප කරන විටදී පවා ඔබ හා මා අතර පවතින ප්රේමයම ඔවුන් කෙරෙහි දැක්විය හැකිද? තවදුරටත් ඔවුන්ගේ විනීතකම සහ නිහතමානීකම අගය කළ හැකිද? අය තුල අපට අගය කළ හැකි දේ තවදුරටත් දකිමින් ඔවුන් ඇසුරු කළ හැකිද?

          යේසුස් වහන්සේ සමාරීය ස්ත්රියගෙන්  ඇසුවේ, "ඔබ මට බොන්න දෙන්නෙහිද?" යනුවෙනි. ස්ත්රියගේ පිළිතුර වූයේ, "යුදෙව් කෙනෙකු වූ ඔබ සමාරීය ස්ත්රියක වූ මාගෙන් බොන්න ඉල්ලන්නේ කොහොමද?".(යුදෙව් - සමාරීය ඇසුරු කිරීමක් එම ජනසමාජයේ නැත). (යොහාන් 4:7,9). ස්ත්රිය මවිත වූයේ යේසු තුමන් ගේ විවෘත භාවය පිළිඹඳවය. වතුර ඉල්ලීම තුල ගැඹුරු පාඩමක් විය.

        කිතුණුවාගේ සංඛේතය "ප්රේමය" බව පවසමින් මම මෙය අවසන් කරමි. යේසුස් වහන්සේ අපට නියෝග කළේ "සිය්ල්ලන් සභා සේවකයින් කරන්න" නොවේ. "සියල්ලන් ගෝලයන් කරන්න" ටය. අපගේ ගෝලභාවය දැක අන් ආගමිකයෙකු ප්රබෝධමත් වන්නේ නම්, දෙවියන්වහන්සේ අප කැඳවා ඇති දේ ඉටු වී ඇත

     "එකිනෙකාට ඔබ දක්වන ප්රේමය, ඔබ මාගේ ගෝලයෙකු බව ලෝකයට ප්රකාශ කරණු ඇත. (යොහාන් 13:35). එකි'නෙකාට ගරු කිරීම එකි'නෙකාට ප්රේම කිරීමේ කොටසකි. අන් ආගමික පූජක තුමන්ලාට සහ ගිහි අයට ගෞරවයෙන් සැලකීම ක්රිස්තුස් වහන්සේ අපේක්ෂා කරන සේක. එය අපගේ ක්රිස්තියානි ප්රේමයේ කොටසකි.



ගරු ආසිරි පෙරේරා පියතුමා 

මැයි 17, 2021

දෙහිවල.

 

Comments

Popular posts from this blog

BISHOPS IN METHODISM

REV. DR. KINGSLEY T. MUTTIAH AN OUTSTANDING CHURCH LEADER