අන්‍ය ආගමිකයන් හා මුසු වූ කිතුණු ජනජීවිතය.
අන් ය ආගමිකයන් හා මුසු වූ කිතුණු ජනජීවිතය . අන්තර් - ආගමික ක් රියාකාරකම්හි බෙහෙවින් යෙදෙන මම ඒ හා ඈඳුණු සේයා රූ නිතර මුහුණු පොතෙහි පළකරමි . මාගේ ඉතා සමීප මිතුරෙකු වරෙක මෙලෙස ප් රතික් රියා දැක්වීය . " කරුණාකර සමාන සම්මුතීන්ට එළඹෙන්න එපා ". මෙය කිතුණුවන් තුල ඇති අවංක බියක් වේ . දේවස්ථාන බංකුවේ සිටින විට අපට ඇසෙන ඇතැම් දේ , " මේ ක් රිස්තුස් වහන්සේගේ ශුභාරංචියද , නැත්නම් වෙනත් ධර්මයක්ද " යයි සිතේ . අන්තර් - සාමයික සබඳතාවන් ගැන මා උගත් දේ සහ මා ලබා ඇති අත්දැකීම් මෙසේ බෙදා ගැනීමට දැඩිලෙස පෙළඹවී සිටිමි . මෙහිදී , මා හැදුණු වැඩුණු ආකාරය විමසා බැලීම වැදගත් වේ . මම කිතුණු මෙතෝදිස්ත පවුල් පසුබිමක හැදුනෙමි , වැඩුනෙමි . එහි සැවොම ක් රිස්තුස් වහන්සේ තම පෞද්ගලික ගැලවුම් කරු ලෙස දැඩිලෙස පිළිගෙන එසේ ප් රකාශ කළ අය වූහ . මාගේ ජීවිතයේත් , දේව සේවයේත් අත්තිවාරම වූයේ වචනයෙන් ද , ක් රියාවෙන්ද අන් ...