සභා නායකත්වය සහ පෞද්ගලික න්යාය පත් 

 

 එක්තරා ජාත්යන්තර සමුළුවක රැස්වීම්  ශාලාවට ඇතුල්වන දොරකඩ මෙවැනි පුවරුවක් විය.

"ඔබගේ මමත්වය ඉවත් කර මෙම දොරින් ඇතුල්වන්න".

"මමත්වය ඉවත් කිරීම" යනුවෙන් කුමක් අදහස් වේද? ඉතාම සරළව පවසන්නේ නම්, "ඔබගේ අහංකාරකම පසෙක ලා එන්න" යන්නය. එය ඉතාමත් අපහසු කාර්ය්යකි

මමත්වය යන්නෙහි අර්ථය පිළිඹඳව විවිධ අර්ථකථන ඉදිරිපත් වී තිබුණද, මේරියෑන් ව්ලියම්සන් තම "ප්රේමය වෙත නැවත හැරීමක්" (A return to Love) යන ග්රන්ථයෙහි එය මෙසේ අර්ථවත් කරයි. "නළුවකු තම චරිතය රඟපෑමේදී රංගනය සඳහා පමණක් එම චරිතයට අවතීර්ණ වී එය තමන් මත ආරූඪ කර ගන්නා සේ, මමත්වය යනු පුද්ගලයෙකු කාලයක් මුලුල්ලේ තම ආරක්ෂාව පිණිස තමන්ම ගොඩනගාගෙන ආරූඪ කර ගන්නා වැරදි චරිතයකි". 

       අප මෙම චරිතය අතහරින්නට තැත් කළහොත් නියත වශයෙන්ම අපට ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ. හේතුව, එවිට අපට අපම ගොඩනගාගෙන ඇති එම චරිතය මරා දැමීමට සිදුවන බැවිනි. එවිට අප තුලම පණ බේරා ගැනීමේ අභ්යන්තර සටනක් ඇති වේ.

         අප ඇත්තවශයෙන්ම අපගේ සභා රැස්වීම් වලට හෝ සම්මන්ත්රණ වලට ඇතුල් වීමේදී අපගේ මමත්වය දොරකඩ ඉවත් කරනවාද? අවුරුදු හතලියක මාගේ පූජකත්ව දිවියේ මා සහභාගි වූ සභා රැස්වීම් සහ මන්ත්රණ සභාවන් දෙස ආපසු හැරී බලන විට යටහත්ව වුවද මවිසින්  පිළිගත යුතුව ඇත්තේ මමත්වය රැකගැනීමේ සටනේ යෙදීමට අවස්ථාවන් මතුවී ඇති බවය. එමගින් මෙම අගනා අවවාදයේ පාඩම ඉගෙනීමට මා හට අවස්ථාව ලැබිණ

"පරීක්ෂා සහගත නොවුවහොත්, අසීමිත මමත්වය යම් නායකයෙකු හට අසීමිත සංඛ්යාවක් ගැටලු බිහි කරනු නොඅනුමානය".

 

අසීමිත මමත්වය සැඟවුණු න්යාය පත් බිහි කරයි.

සභා රැස්වීම් සහ මන්ත්රණ සභාවන් වලදී සභා මූලිකයන්ගේ ඇතැම් සැඟවුණු න්යාය පත් පිළිඹඳව සභිකයින් ගෙන් ප්රකෝපකාරී චෝදනා සංඛ්යාවක් මා වෙත ලැබී l. එවැනි සැඟවුණු න්යාය පත් ඇතිව සිටින පුද්ගලයින් තම අභිලාෂයන් ඉටුකරගැනීමට අන්යයන්ව මෙන්ම සමස්ථ සභාවම අපහසුතාවයට පත් කරනු ඇත. එවැන්නන් සතු සැඟවුණු න්යාය පත් මෙම අධිවේගී ලෝකයේ පැහැදිලිවම ප්රදර්ශනය වනු ඇත .

 

සැඟවුණු න්යාය පත් සහිතව ක්රියා කරන උප්පරවැට්ටි කරුවන් ගැන විමසිලිමත් වන්න.

අපගේ සභාවේ සෙනග පිළිඹඳව අප අද මුහුණපාන ගැටලුව වන්නේ ඔවුන් මෙම උප්පරවැට්ටි කරුවන් නිසි ලෙස හඳුනා නොගැනීමත්, ඔවුන් සභාව තුල ක්රියා කිරීමේ යථාර්ථය තේරුම් නොගැනීමත්ය. මෙම වැරදි අභිමතාර්ථ ඇතිව සිටින්නන් තමන්ට බලය ඇති ආසන තබා ගැනීම පිණිස තීරණ ගැනීමේදී අන්යයන් මත මහත් බලපෑමක් එල්ල කරනු ඇත

          උප්පරවැටි කරුවා ඉතා ප්රසන්න ලීලාවෙන් සිනාමුසු මුහුණින් නිශ්චලව සිටින අතර ඔවුන්ගේ බලපෑමට හසුවූ පුද්ගලයින් "වහලුන්" බවට  පත්ව් සියලු අඳුරු කාර්ය්යන් ඔවුන් වෙනුවෙන් කරනු ඇත. කණගාටුවට හේතුව නම්, අවසානයේදී උප්පරවැට්ටි කරුවන් තම කාර්ය්යය ඉටුකරගත් පසු ඔවුනට බැලමෙහෙවර කළ සභිකයින් හුදකලා කර දැමීමය.

         ගිහියකු වුවද පූජකයෙකු වුවද තම සඟවුනු න්යාය පත් ඇතිව ක්රියා කරන්නන් වැඩිකල් නොගොසින්ම උප්පරවැට්ටි කරුවන් බවද, තම අභිවුර්ධිය සඳහාම ක්රියා කරන අධ්කාරීන් බවද පෙන්නුම් කරනු ඇත. එමෙන්ම ඔවුන් දිගටම එවැනි ක්රියාකාරකම් වල නියැලීමෙන් ව්ය්ක්ත උප්පරවැට්ටි කරුවන් බවට පත් වනු ඇත

           උප්පරවැට්ටි කරුවන් ගේ උගුල් වලට හසුවන පුද්ගලයින් අය හඳුනාගෙන අය ඇසුරු කිරීමේදී සීමාවන් නියම කරගැනීමට ඉගෙනගත යුතුය. ඔවුන්ගේ අරමුණු ඔබට වැටහෙන බවත් ඔවුනගේ අතකොලු වීමට ඔබ සූදානම් නොවන බවත් ප්රකාශ කිරීමට ඔබට හැකියාව තිබිය යුතුය.

 


 

සැඟවුණු න්යාය පත් පිටුපස ඇති බොරුව සහ රැවටීම ගැන විමසිලිමත් වන්න.

          සැඟවුණු න්යාය පත් ඇතිව සිටින අය රැවටීමේ උකුසු ඇස් සහිතව තම ආයතනයන්හීද, තමන් ඇසුරු කරන්නන් සමගද සුදනන් ලෙස සිටීමට ඉගෙන ගනු ඇත. ක්රමක්රමයෙන් බොරුව ඔවුන්ගේ චරිත ලක්ෂණයක් වනු ඇත. ඔවුන් බොරු කාරයින් බව නොපෙන්වීමට තැත් කළද අවසානයේදී තමන්ටම බොරුකාරයින් බවට පත් වේ.

            මෙවැන්නන් හඳුනාගෙන සභාව ඔවුන් ගැන ක්රියා කළ යුත්තේ කෙසේද? හඳුනා ගැනීමට හොඳම ක්රමය නම්, ඔවුන් සමග නෙත් ගැටෙන අයුරු විමසීම සහ කායික චලන භාෂාව (body language) නිරීක්ෂණය කිරීමයි. එවැන්නන් බොහෝවිට ඔබට නෙතට නෙත දී කථා නොකරන අතර ඔබ ඉදිරියේ අපහසුවට පත් වනු ඇත. වංචාවක් කිරිමට සිතා සිටින විට ඔවුන්ගේ බැල්ම අමුතු වේ. අසන ප්රශ්න වලට පිළිතුරු දීමේදී නොපැහැදිලි ලෙස වචන හසුරුවයි

 

ඔබ ක්රිස්තුස් වහන්සේගේ නියම ගෝලයකුදැයි විමසා බලන්න.

කිතුණු නායකයා තමන් ගෝලකමට කැඳවූ ක්රිස්තුස් වහන්සේ තුල නැංගුරම් දමා සිටිය යුතුය. ඔබට ඔබගේම කැමැත්ත සොයමින් ක්රිස්තුස් වහන්සේගේ සැබෑ ගෝලයෙකු විය නොහැක. ඔබ සත් වශයෙන්ම ගෝලයෙකු නම් ඔබගේම සැඟවුණු න්යාය පත් ක්රියාත්මක කිරීම ඔබට කළ නොහැක. සැඟවුණු න්යාය පත් ඇති පුද්ගලයෙකුගේ නියම ස්වභාවය හෙලි වූ විට ඔහු වටා සිටි සියල්ලන් කළකිරීමකින් යුතුව සහ තමන් රවටනු ලැබුවේය යන හැඟීමෙන් යුතුව ඔහු අතහැර යනු ඇත.

            සැඟවීමට කිසිත් නැති නායකයා සෑම කල්හිම පොදු සුව සෙත සඳහා ක්රියා කරයි. "දිගු කාලීනව පද්ගලයින් ප්රතික්රියා දක්වන්නේ උප්පරවැට්ටි කරුවන්ට නොව, තම සිත් සතන්වල දැඩිව වැළඳගෙන ඇති නායකයින්ටය".


ගරු. ආසිරි පී. පෙරේරා.

 2021 මාර්තු 18.

 

Comments

Popular posts from this blog

BISHOPS IN METHODISM

REV. DR. KINGSLEY T. MUTTIAH AN OUTSTANDING CHURCH LEADER

Why I do not support Christian Zionism