රජුන් සදන්නන්



සයිඩ් සහෝදරයන් ගේ කථාව

18වන සියවස ඉන්දියාවේ මෝගල් අධිරාජ්යයේ රජුන් සදන්නන් ලෙස ප්රසිද්ධ වූ සහෝදරයින් දෙදෙනකු වූහ. ඔවුහු නමින් සයිඩ් අබ්දුල්ලා ඛාන් සහ සයිඩ් හුසේන් අලි ඛාන් භර්ෂා විය. මෝගල් අධිරාජ්යය ලෙස ෆාරුක් සියාර් පත් කිරීමේ වගකීම මොවුන් සතු විය. ෆාරුක් සියාර් ගේ අභාවයෙන් පසුව 1719දී මෙම සසයිඩ් සොහොයුරන් දෙදෙනා 1719 පෙබරවාරි 28 දින, රාෆි උද් දරාජාත් අධිරාජ පදවියට පත් කළහ. ඔහුගේ ක්රියාවලිය මුලුමනින්ම පාලනය කළේ සයිඩ් සහෝදරයන් විසිනි. ඔහු සයිඩ් සහෝදරයන් අත රූකඩයක් පමණක් විය. ඔහු සිංහාසනාරූඩ වී සිව් මසක් ඇතුලත ක්ෂය රෝගය වැළඳී මරණයට පත් විය. ඉක්බිතිව සයිඩ් සහෝදරයන් දෙවන ෂා ජහාන්ම් සිහසුනෙහි තැබීය. මෙතුමන්ව රූකඩයක් කර ගැනීමට සයිඩ් සහෝදරයන් හට නොහැකි විය. සයිඩ් සහෝදරයන් මගින් පාලනය වීම ඔහු ප්රතික්ෂේප කළේය. ඔහු සයිඩ් සහෝදරයන් විනාශ කර දැමීය. මෙම රජුන් සදන්නන් දෙදෙනාට තම ආධිපත්යය පවත්වා ගත හැකි වූයේ වසර 7ක් වැනි කෙටි කලකට පමණි.


මෙම කථාව වත්මන් රට තුළත් කිතුණු සභාව තුලත් පිළිඹිබුවන බව මට හැඟේ. ශ්රී ලංකාවේ මෑත කාලීන සිදුවීම් තුල තමන් "රජුන් සදන්නන්" බව නිර්භයවම ප්රකාශ කළ අය දක්නට ඇත. කිතුණු සභාව තුල කුමක් කියමුද ? ඔව්, එහිද රජුන් සදන්නන් බොහෝ සේ සිටින බව පෙනේ. මෙවැන්නන් බොහෝ විට වෙනත් ගැටලු ඇති කරනු ඇත. එවැන්ජලිස්තවරු,, ලිබරල්වරු, කොන්සර්වැටිව් වරු, , සභාව රැකගැනීමේ ව්යාපාරය , ආදී ලේබල් සහිතව ඔවුන් ස්භාව තුල "නායකයින් සාදන්නන්" වී ඇත. එවැනි අයගෙන් සභාවට සිදුවන්නේ යහපතට වඩා හානියකි. ඡන්දය ඉල්ලමින් යාම, නිර්නාමික ලිපි මගින් අපහාස කිරීම, මඩ ප්රචාරය ආදී පහන් උපක්රම මගින් ඔවුහු සභාවේ සෙනග වේදනාකාරී බෙදීම්වලට භාජනය කරති.


රජුන් සාදන දෙදෙනකු ගේ නූතන කථාවක් :

එක්තරා රජුන් සදන්නන් දෙදෙනෙක් සභාවේ වගකිවයුතු තනතුරක් දැරූ නායකයෙකු වෙත ගොස් අයුතු සහයෝගයක් ඉල්ලූහ. එය එම නායකයා විසින් ප්රතික්ෂේප කරනු ලැබීය. ඔවුන්ගේ ප්රතිචාරය මෙසේ විය.

"ඔබව ඔය තනතුරේ තැබුවේ අප බව මතක තියා ගන්න. ඔබ අපට මේ උපකාරය නොකරන්නේ නම්, ඔබව ඉවත් කිරීමටත් අපට බලය ඇත".

ඇතැම්විට නායකයන් රජුන් සදන්නන් ගේ නූල් නැටවීමට යටත් වන රූකඩ බවට පත්වීමට ඉඩ ඇත. එය රට තුලත් සභාව තුලත් පිළිඹිබු විය හැක. එවැන්නන් රජුන් විසින් පොදු යහපත වෙනුවෙන් තීරණ ගැනීම බාධා කර ඇත. රජුන් සාදන්නන්ගේ සහය ලබා නායකත්වයට පත්වන්නන් පසුව ඔවුන්ව කෙතරම් අප්රසන්න අඳුරු මුළු වලට තල්ලු කර තිබේද යන්න අවබෝධ කර ගනිති. තමන් කෙතරම් අඥාන ලෙස ඔවුන්ගේ උගුලට හසුවී ඇද්ද යන්න කණගාටුවෙන් වුවද අවබෝධ කර ගනිති. තමන් අපේක්ෂා කරන බලය ලබා ගැනීමේ අරමුණ ඇතිව රජුන් සදන්නන්ද සිටිති.


රජුන් සෑදීම වැරදි ක්රියාවක්ද ?

ශුද්ධ ලියැවිල්ල පරිහරණය කරන විට රජුන් සෑදීමේ ධනාත්මක පැත්තක්ද දැකිය හැක. එසේ වන්නේ දේශපාලන වශයෙන්ද සභාවක් වශයෙන්ද නායකයන් බිහි කිරීමේ ක්රියාවලියට දෙවියන්වහන්සේ මැදිහත් වන විටය. පාලකයින් පත්කිරීමේ ක්ක්රියාවලියට දෙවියන්වහන්සේ අත පොවනු ඇත. "අවසානයේ සියලු කාලයන්ද ප්රස්තාවන්ද වෙනස් කරනුයේ එතුමන්ය. රජුන් වෙනස් කරන්නේද රජුන් සදන්නේද සමිඳුන්ය". (දානියෙල් 2 : 21) "රාජාණ්ඩුක්රමයක් වුවත් මහජන ඡන්ද ක්රමයක් වුවත් නායකයන් පත්කිරීම දෙවියන්වහන්සේ පාලනය කරන සේක". (දානියෙල් 4 : 17).

 

රජුන් සාදන්නන් හට ඉටු කිරීමට ශුද්ධ වූ කාර්යභාරයක් ඇත.

නායකයින් (රජුන්) සෑදීමේදී සභාවන් පාරිශුද්ධව ක්රියා කළ යුතුය. උත්තරීතර සභාවන්, සිනොඩ් සභාවන්, මහා මන්ත්රණ සභාවන් ආදිය දෙවියන්වහන්සේ විසින් ස්ථාපිත කොට ව්ය්වස්ථාපිත කරනු ලැබ ඇත. එසේ කර ඇත්තේ පළමුව දණින් සිට එතුමන් ගේ කැමැත්ත සොයා නිවැරදි පුද්ගලයා නායකත්වයට ගෙනෙනු පිණිසය. එහෙත් අද සිදුවන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ දේ බව කණගාටුවෙන් වුවද කීමට සිදුවේ. උපායමාර්ගික සංවිධානය, රහස් සාකච්ඡා පැවැත්වීම, ඡන්දය ඉල්ලමින් පුද්ගලයන් පසුපස යාම  ඉතා නොමනා අයුරින් සිදුවේ. ක්රිස්තු ශරීරයේ නිර්නායකය වන කිතුණු සභාවට මෙවැනි ක්රියාවන් කිසිසේත් නොගැලපේ. බව මතුකර දැක්වීමට යමෙකු ක්රියා කරන්නේ නම් රජුන් සදන්නන් දැඩි සේ උරණ වී එවැන්නන් පහකර දැමීමට තම උපරිම ශක්තිය යොදවනු ඇත.

නායකයන් (රජුන්) සෑදීමේ ක්රියාවලියේදී වත්මන් සහාවන්ට දේව වචනයෙන් ඉගෙනීමට බොහෝ දේ ඇත. නූතන සභාවන් එම උපදේශන මතුකර දක්වන්නේද? දෙවියන්වහන්සේ සාමුවෙල්ට කීවේ මෙසේය. "ඔහුගේ පෙනුම දෙසවත්, උස මහත දෙසවන් නොබලන්න. මන්ද මවිසින් ඔහු ප්රතික්ෂේප කර ඇත. දෙවියන්වහන්සේ බලන්නේ මනුෂ්යයින් බලන ලෙස නොවේ. මනුෂ්යයින් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. එහෙත් යෙහෝව: වන මම සිතෙහි ඇති දේ දකිමි". (1 සාමුවෙල් 16 : 7).

 

අපට යහපත් රජුන් සාදන්නන් අවශ්යය .

සභාවටත්, එහි ආයතනයන්ටත්, නායකයින් සාදන්නන් අවශ්යය . එහෙත් ඔවුන් නියම අරමුණු කරා ලඟා වේද? රජුන් සාදන බොහෝ අය තුලින් තම පෞද්ගලික න්යාය පත්රයන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරති. සෙබදී තම පුතුන් දෙදෙනාට ජේසු තුමන් දෙපැත්ත ආසන  ඉල්ලා සිටි සේම, මොවුහූ නායකයා  ගේ දෙපැතතෙන් සිට විශේෂ වරප්රසාද අපේක්ෂා කරති. මූල්යමය සහ අනෙකුත් කටයුතු පිළිඹඳව එතරම් අවංක නොවන අය වෙනුවෙන් ක්රියාත්මක වී රජුන් පත්කර ගනිති. එසේ කරනුයේ වංචනික අරමුණු මුදුන්පත් කරගැනීමට . දෙවියන්වහන්සේ අපේක්ෂා කරන රජුන් සාදන්නන් නම් ජනසමාජයේ සහ සභාවේ පොදු යහපත සහ දියුණුව සාදන්නන් . ඔවුහු රජුන් සාදන කාර්ය තුලින් සමාජ අභිවෘද්ධිය සලසන්නන්. ඔවුන් ප්රීති වනුයේ, දෙවියන්වහන්සේ ගේ හදවත පසුපස යෑමට ප්රමුඛත්වය දෙන කෙනෙකුන් නායකත්වයට පත් කර ගැනීමෙනි.

 




ගරුආසිරි පීපෙරේරා දේවගැති තුමා 

 

 



Comments

  1. ඉතාමත් කාලිින හා කාලෝචිත අර්ථවත් එකක්.ස්තුතිය ..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

BISHOPS IN METHODISM

REV. DR. KINGSLEY T. MUTTIAH AN OUTSTANDING CHURCH LEADER