අධිෂ්ඨානශීලී බව සහ දඩබ්බරකම

                                             අධිෂ්ඨානශීලී බව සහ දඩබ්බරකම



"දිනන්නෝ අතහැර නොයති. අතහැර යන්නෝ නොදිනති", යනු අප පාසැල් අව්ධියේදී උගත් සිත් පුබුදුකරවූ උප්දේශ වැකියකි. අපගේ අතීත කථාන්දර සහ අත්දැකීම් අධ්‍යාපන කටයුතු සඳහාද  අප තෝරාගත් ඉදිරි ගමන් මග සාර්ථක කරගැනීම සඳහාද උපකාරීවූ ආකාරය අපි දනිමු

 "දිනන්නෝ අතහැර නොයති" යන පාඨය අපට අරමුණු ගොඩනගා ගැනීමටත් ඒවා  ලඟා කර ගැනීමටත් උපකාර වන්නාසේම ඇතැම්විට යම් පුද්ගලයින් හට, විශේෂයෙන් නායකත්වයේ කාර්‍ය්භාරය ඉටුකිරීමේදී තමන් අසාර්ථක වීමටද වැටීමටද හේතු වී ඇත. එසේ වීමට හේතුව කුමක් විය හැකිද ?

 ආගමික නායකයෙකු වශයෙන් මාගේ ධූර කාලය තුලදී ඇතැමුන් මා "අධිෂ්ඨානශීලී" නායකයෙකු වශයෙන් හැඳින්වූ අතර ඇතැමුන් මා "දඩබ්බර" නායකයෙකු වශයෙන් හැඳුන්වා ඇත. දැන් මාගේ විශ්‍රාම යුගයේදී මා පොත් පත් පරිශීලනයටත් ආවර්ජනයටත් යොමුවීම, මෙම ලිපිය ලිවීමට මා පෙළඹවීය.

 

"අධ්ෂ්ඨානශීලීබව" සහ "දඩබ්බරකම" පිළිඹඳව ශබ්ද කෝෂ අර්ථකථන:

 උසස් ඔක්ස්වර්ඩ් ශබ්ද කෝෂය අධිෂ්ඨානශීලීකම මෙසේ අර්ථකථනය කරයි. "කෙතරම් අසීරු වුවද, කෙතරම් භාදක පැමිණියද යම් කාර්යයක් නොකඩවා ඉදිරියටම කරගෙන යාම අධිෂ්ඨානශීලී වීමයි".

 කේම්බ්‍රිජ් ශබ්ද කෝෂය, "දඩබ්බරකම" මෙසේ අර්ථ ගන්වයි. "අන් සියල්ල ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ අරමුණ කෙසේ හෝ ඉටුකරගැනීමට දැඩි උත්සාහයකින් ක්‍රියා  කිරීම දඩබ්බරකමයි".

 

අධිෂ්ඨානශීලී වීමත් දඩබ්බරකමත් එකක්මැ නොවේ.

අවාසනාවකට මෙන් වත්මන් ජනසමාජයේ අධිෂ්ඨානශීලී වීමත් දඩබ්බරකමත් එකක්මැ ලෙස අතැමුන් අර්ථ ගන්වනු පෙනේ. එහෙත් එය එසේ නොවේ. මෙම යෙදුම් ද්විත්වය කිසිලෙසකින්වත් අර්ථයෙන්  එකි'නෙකට සමීප වන්නේ වත් නැත. දඩබ්බරකම, අධිෂ්ඨානශීලී පුද්ගලයෙකුව කිසිසේත් පෝෂණය කරන්නේ නැත.

අධිෂ්ඨානශීලී බව පුද්ගලයෙකුව තම අඅරමුණු කරා ලඟාවීමට ධනාත්මකව පොළඹවයි. අසීරුතා සහ බාධක තුලින් අරමුණු කරා ලඟා වීමට උට්ඨානවීර්යයෙන් පුද්ගලයා ක්‍රියා කරයි. අවශ්‍යතා අනුව තීරණ ගැනීමටත්, තීරණ වෙනස් කිරීමටත් තුලින් අපේක්ෂිත අරමුණු කරා ලඟා වීමටත් ක්‍රියා කරයි.

 "දඩදඩබ්බරකම", පුද්ගලයෙකු තුල වෙනස්වීම් වලට මුහුණ දීමට ඇති ප්රතිරෝධය පෙන්වයි. දඩබ්බර පුද්ගලයෙකු තම ආකල්ප, තීරණ සහ මත වෙනස් නොකරයි. අන් අයට ඔහු සමග වැඩ කිරීමටත් ඔහුට ප්රතික්රියා දැක්වීමටත් අසීරු වේ.

 

අධ්ෂ්ඨානය සහ දඩබ්බරකම අතර මූලික වෙනස:

 අධිෂ්ඨානය ආත්ම ශක්තිය යන චරිත ලක්ෂණයද, දඩබ්බරකම දුබලතාව යන චරිත ලක්ෂණයද ඇතිව සිටින බව මෙම විෂය ගැඹුරින් අධ්‍යනය කර ඇති අය පවසති.

 අධිෂ්ඨානශීලී පුද්ගලයා සෑම විටම තම අරමුණු කෙතරම් අසීරු වුවත් එය කෙසේ හෝ ලඟා කර ගැනීමට උත්සාහ කරයි. එය තමාට කිරිමට ඇති නිවැරදි දෙය වන බැවිනි. ඔහු නෙත් යොමු කරනුයේ පහසු දෙය දෙස නොව නිවැරදි සහ සාධාරණ දෙය දෙසය. අධිෂ්ඨානශීලී පුද්ගලයා මෙසේ කියනු ඇත. "මට දැන් තේරෙනවා මා වැරදි බව. නිවැරදි වීමට මා කුමක් කළ යුතුද ?" භාදක හා අසමත්වීම් හමුවේ ඔහු නම්‍යශීලී වී මතින් යාමට, යටින් යාමට හෝ එය  තුලින් යාමට ඔහු මාර්ග සොයනු ඇත. ඔහු පිටුපස ඇති දිරිගැන්වීමේ බලය, "මම කරමි" යන්නය.

 තම අරමුණු ඉටුකරගැනීමට මතුවන බාධකවලට මුහුණ දීමේදී දඩබ්බරකම තාර්කික චින්තනයට සතුටු වන්නේ නැත. ඔහුගේ රටාව වන්නේ "මට වැරදිය නොහැක" කියමින් විරෝධතා පෑමය. අරමුණු ලඟාකර ගැනීමට ගන්නා මාර්ගය වැරදි , නිවැරදි යන්න ඔහුට වැදගත් නැත. ඔහු පිටුපස ඇති පෙළඹවීම, "මම නොකරමි" යන්නය.

 

 මෝසෙස් සහ ඵාරාවෝ - අධිෂ්ඨානශීලී ? දඩබ්බරද?

ශුද්ධ ලියැවිල්ලෙන් මේ ගැන මට දැක්විය හැකි හොඳම නිදසුන මෝසෙස් සහ ඵාරාවෝ අතර ඇති වූ අරගලයයි. මේ දෙදෙනාම යම් ජනකොටස් දෙකක් නියෝජනය කරන නායකයෝ වූහ.

 මෝසෙස් ප්‍රදර්ශනය කළේ අධිෂ්ඨානශීලී චරිතයකි. මෝසෙස් ඵාරාවෝ වෙත ගෙනගිය දෙවියන් වහන්සේගේ පණිවිඩය වූයේ, "මාගේ සෙනග මුදාහරින්න" යන්නය. එය මෝසෙස්ව අධිෂ්ඨානශීලී කළේය. මෝසෙස් විශ්වාස කළ අන්දමට ඵාරාවෝ විසින් කළ යුතු නිවැරදි සහ යහපත් කටයුත්ත වූයේ එම සෙනග මුදා හැරීමය. මෙහිදී මෝසෙස් බොහෝ වාරයක් ඉඡ්චා භංගත්වයට පත්විය. තම අරමුණ සඳහා වසංගත දහයක් තුලින් ගමන් කිරිමට ඔහුට සිදුවිය. එහෙත් කිසිවෙටෙකත් "මම නොකරමි" යන ආකල්පය දැරුවේ නැත. ඔහු "මම කරමි" යන මතය දරා සිටියේ තමන් මෙම වැඩයට යොදා ඇත්තේ දෙවියන් වහන්සේ බව ඔහු දැන සිටි බැවිනි. ඔහු ගේ චින්තනය මුලුමනින්ම ධනාත්මක විය 

දඩබ්බර මිනිසා වූයේ ඵාරාවෝ . "මාගේ සෙනග මුදාහරින්න" යයි දෙවියන් වහන්සේ යලි යලිත් කියද්දීත් ඔහුගේ පිළිතුර "මම නොකරමි" විය. ඵාරාවෝ ගේ උද්ධඡකම තව දුරටත් ඔබ්බට ගොස් මෙසේද පවසා ඇත. "හොඳයි, ඔබ යන්න, ඒත් ............." එහි යම් අනතුරු ඇඟවීමක් අන්තර්ගත වේ.

 

වත්මන් නායකත්වය හමුවේ ඇති අභියෝග :

 ආයතනයන්ට්, සභාවන්ට හා ජාතීන්ට නායකත්වය දෙමින් බලයේ කොරිඩෝවේ ගමන් කරන අය මැනැවින් අවබෝධ කරගත යුතු දෙය නම්, තමන් සේවයෙහි යොදවන්නන් කෙරෙහි දක්වන, අධිෂ්ඨානශීලී වීමේ සහ දඩබ්බර වීමේ ගුණාංග අතර වෙනසය. ඵාරාවෝ ගේ දඩබ්බරකම අස්‍ රිය හා අසරුවන් මත රඳා පැවතින. එය ආත්ම කේන්ද්‍රීයවූ මමත්වය මුල්කරගත් එකකි. එවැනි බලයක් හමුවනුයේ, තමාම ඉතා අසීරු තත්වයකට පත් වූ විටකදී .

 එහෙත්, මෝසෙස් ගේ අධිෂ්ඨානශීලී උත්සාහය වූයේ තම සෙනග සමග ඉදිරියට යාමේ මාවතේ ගමන් කිරීමය. ඇතැම්විට දඩබ්බර පුද්ගලයෙකු වුවද අධිෂ්ඨානශීලී ලෙස පෙනෙන්නට පුලුවන. එහෙත් ඔහු නියම වශයෙන්ම අධිෂ්ඨානශීලී නම් දඩබ්බරකම ඉවත දැමිය යුතුය.

 

ගරු. ආසිරි පී. පෙරේරා දේවගැති තුමා

ජනවාරි 26, 2021

 

Comments

Popular posts from this blog

BISHOPS IN METHODISM

REV. DR. KINGSLEY T. MUTTIAH AN OUTSTANDING CHURCH LEADER